.webp)
COLOMBO (News 1st) – සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශ පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ,Online මගින් එම සංශෝධන සිදු කිරීමේ කාලය මේ වනවිට අවසන්ව ඇති බවයි.
මේ අතර, කිසිදු කරුණක් මුල් කරගනිමින් සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා ආරම්භ වෙයි.