.webp)
 (15)-623975.jpg)
ඒ, සැකකාර නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවකට අදාළව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ, එම චෝදනාවට අදාළව නාමල් රාජපක්ෂ පසුගිය 13 වැනිදා එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මේ වන විට ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
ඒ , ඔහු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
