ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 27-05-2023 | 6:30 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

01.අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

02.පුත්තලමේ ගුරුවරයාට පහර දීම : සැකකාර සිසුන් 21දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හරී

පුත්තලමේ පාසලක විනයභාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 21දෙනා දැඩි ඇප කොන්දේසි මත ඊයේ  (26) මුදා හැර තිබේ.

03.ලබන මස මිල සංශෝධනයට සමගාමීව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ තීරණයක්

 ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කර තිබේ.


04.රෝසි සේනානායකට ජනපති උපදේශක තනතුරක්..

කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

05.ප්‍රකට ව්‍යාපාරික ශාෆ්ටර්ගේ මළ සිරුර පිළිබඳ දෙවැනි මරණ පරීක්ෂණය ඊයේ ඇරඹිණි.

අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ  (26)පෙරවරුවේ ආරම්භ විය.