ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ යාපනය සංචාරයක

ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ යාපනය සංචාරයක

by Staff writer 24-09-2026 | 6:12 PM

 COLOMBO (News 1st) -  

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවූ තානාපති අකියෝ ඉසොමාටා (ISOMATA Akio උතුරු පළාතේ සංවර්ධන කටුයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීමට ජපානයේ අඛණ්ඩ සහයෝගය උන්වහන්සේ මෙහිදී නැවත තහවුරු කර තිබේ.

මේ අතර ඔහු අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවී තිබේ.

එසේම ඔහු කංකසන්තුරේ වරායේ (Kankesanthurai Port) සංවර්ධන හැකියාවන් නිරීක්ෂණය කර අති අතර, යාපනය පුස්තකාලයේ ද සංචාරයේ නිරතව ඇත.

ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව යාපනය වාණිජ මණ්ඩලයේ නියෝජිතයන් සමග සාකච්ඡාවක්ද සිදුකර තිබේ.