ලබන මාසයේ 05 වැනිදා ඩොලර් බිලියන 92ක් පමණ වන එරට මූල්‍ය වගකීම් ආවරණය කිරීමට, රජයට අරමුදල් නොමැති බව ඇය ඊයේ (26) නිවේදනය කළා ය.
ඒ අනුව අදාළ දිනයට පෙර අමෙරිකාවේ වත්මන් ණය සීමාව වන ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක අගය ඉහළ දැමිය යුතු බව, විදෙස් වාර්තාවල සඳහන් වේ.
ණය සීමාව ඉහළ දැමීම හරහා අමෙරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇත.
මේ සඳහා පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් සහ කතානායක කෙවින් මැකාර්ති දීර්ඝ ලෙස සාකච්ඡාවල නිරත විය.
එහිදී ගන්නා ඕනෑම තීරණයක් එරට ඩිමොක්රටික් පක්ෂයට බහුතර බලය හිමි සෙනට් සභාව සහ රිපබ්ලිකන් පක්ෂයට බහුතර බලය හිමි නියෝජිත මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි.
නමුත් ඔවුන් තවමත් මේ පිළිබඳව එකඟතාවයක් ඇති කරගෙන නොමැති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.