ලෙබනනයේ මූල්‍ය ආයතනයකට ප්‍රහාරයක්...

ලෙබනනයේ මූල්‍ය ආයතනයක ශාඛා ඉලක්ක කරමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්..

by Staff writer 21-10-2024 | 7:45 PM

COLOMBO (News1st) - ලෙබනනයේ මූල්‍ය ආයතනයක ශාඛා ඉලක්ක කරමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු ලෙබනනයේ, නබටිහ් සහ ටයර් නගරවල එම මූල්‍ය ආයතනයේ ශාඛාවලට ප්‍රහාර එල්ල වී ඇති බවයි.

හිස්බුල්ලා සංවිධානයේ ආයුධ සඳහා අරමුදල් සපයන බවට චෝදනා කරමින් ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ  හිස්බුල්ලා කඳවුරු කිහිපයකට ද ප්‍රහාර එල්ල කළ බවයි.

බේරූට් අගනුවර ප්‍රදේශ 14 ක් ඇතුළුව ලෙබනනයේ ප්‍රදේශ 24කට ප්‍රහාර එල්ල කරන බවට, ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණි.

හිස්බුල්ලා සංවිධානයට අරමුදල් සපයන ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ඔවුන් දැනුම් දී තිබූ බවත් විදෙස් වාර්තාවල සදහන් වේ.