චාල්ස් රජු ඕස්ට්‍රේලියාව‌ට...

චාල්ස් රජු ඕස්ට්‍රේලියාව‌ට...

by Chathurika Jayasundara 21-10-2024 | 5:04 PM

COLOMBO (News1st) - චාල්ස් රජු සහ කැමිලා රැජිණ ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සංචාරයක නිරත වී ති‌බේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,  පිළිකාවක් වැළඳීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන විදේශ සංචාරය මෙය බවයි.

සංචාරය අතරතුර ඔවුන් ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝහාර දැක්වීමට හා මහජන නියෝජිතයන් හමුවීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනිවල බලපෑම් පාලනය සඳහා  නිර්මාණය කර ඇති  ජාතික ලැව්ගිනි පාලන පර්යේෂණ රසායනාගාරය නැරඹීමට ද සූදානම් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.