ඉන්දු - චීන දේශසීමා සම්බන්ධයෙන් එකඟතාවක්

ඉන්දු - චීන දේශසීමාවේ හමුදා මුර සංචාර සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවක්...

by Staff writer 22-10-2024 | 10:20 PM

COLOMBO ( News 1st ) - මතභේදාත්මක‍ ඉන්දු - චීන දේශසීමාවේ හමුදා මුර සංචාර සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවකට පැමිණ තිබේ.

ඒ, වසර ගණනාවක් පැවති දේශසීමා අර්බුදය විසඳීමේ මූලික පියවරක් ලෙසය.

ලඩාක් සිට අරුණචල් ප්‍රදේශ් ප්‍රාන්තය දක්වා චීන දේශසීමා මායිමේ දිග කිලෝමීටර් 3,488කි.

දෙරටේ හමුදා ඒ ආශ්‍රිත මුර සංචාරවල යෙදවීමේදී පසුගිය කාලයේ භූමියේ හිමිකම පිළිබඳ ගැටළු රැසක් උද්ගත විය.

ඒ අනුව චීනය සහ ඉන්දියාව දේශසීමා හමුදා මුර සංචාර සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇත්තේ 1962 වසරේ සිට පැවති දේශසීමා අර්බුදයට විසඳුමක් යෝජනා කරමින් ය.

මෙම ගිවිසුම පිළිබඳ තොරතුරු අණාවරණය වන්නේ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුව අතරතුර ඉන්දීය චීන නායකයින්ගේ හමුවක් හෙට (23) පැවැත්වීමට නියමිත පසුබිමක ය.

2020 වසරේ දී දේශසීමා ගැටුම් උග්‍ර වීමත් සමග දෙරටේම හමුදා සාමාජිකයින් රැසක් මිය ගියේය.