ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන අනාවැකියක්..

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන අනාවැකියක්..

by Staff writer 22-10-2024 | 10:56 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත්, රුසියානු - යුක්‍රේන ගැටුම් හැකි ඉක්මණින් අවසන් වනු ඇතැයි බ්‍රිතාන්‍යයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ  හිටපු ඇමති ඩේවිඩ් ඕවන් පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

පවතින තත්ත්වයෙන් මිදී රුසියාව යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගැනීමකින් මෙම දරුණු ගැටුම් අවසන් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.