ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල්යයි

රාජ්‍ය ඇමති ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල්යයි

by Staff writer 06-06-2023 | 4:04 PM

COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි 25 දක්වා කල් ගියේ ය. 

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ පෙත්සම සමඟින් ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවට කරුණු ඉදිරිපත් කර තිබිණ. 

එමගින් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසු නොවන බවයි.

ඒ හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම ගොනු කර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසිනි.