හිඟව පැවති කහ උණ එනනත් තොගයක් හෙට දිවයිනට

හිඟව පැවති කහ උණ ප්‍රතිශක්තීකරණ එනනත් තොගයක් හෙට දිවයිනට

by Staff writer 19-09-2023 | 6:03 AM

COLOMBO (News 1st) - කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් 2000 ක් හෙට (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම මත මෙම එන්නත් ආනයනය කරන බවයි.

එම ප්‍රමාණය වසර 2 ක් සදහා ප්‍රමාණවත් බව ඔහු සඳහන් කළේ ය.

සැපයුම්කරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් කහ උණ එන්නත් හිඟයක් පවතින බවද  ඔහු පැවසීය.