T20 තරගාවලියේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන 20යි 20 තරගාවලියේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්

by Staff writer 18-02-2024 | 5:28 PM

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ හේතුවෙන්, කොළඹ සහ දඹුල්ලේ ප්‍රවේශ පත්‍ර කවුළු දෙකම මේ වනවිට වසා දමා තිබෙනවා.

එම නිසා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට කවුන්ටර වෙත නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ක්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ දඹුල්ලේදී පැවති පළමු 20යි 20 තරගය නැරඹීම සඳහා 18,000 ක ප්‍රේක්ෂක පිරිසක් පැමිණි සිටි බවයි. 

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 4ක තියුණු ජයක් හිමිවුණා. 

තරගාවලියේ දෙවන 20යි 20 තරගය හෙට පැවැත්විමට නියමිතයි.

තෙවන සහ අවසන් 20යි 20 තරගය ලබන බදාදා පැවැත්වෙනවා.

මෙම සියලු තරග පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.