වැඩි වූ ඉන්ධන මිල නිසා බස් ගාස්තු ඉහළ යයිද?

''ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැහැ'' - ජාතික ගමනා ගමනාගමන කොමිෂන් සභාව

by Staff writer 02-10-2026 | 10:19 AM

COLOMBO(News1st) - ඉන්ධන මිල ඉහළ ගිය ද බස්ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ගමනා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල පැවසුවේ, මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයේදී  ඩිසල් ලීටරයක මිල බස්ගාස්තු සංශෝධනයකට තරම් ඉහළ නොගිය බවයි

ඒ හේතුවෙන් බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ඔහු සඳහන් කළේ ය.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා මේ වනවිට රජය රුපියල් කෝටි 4,100 ක සහනාධාරයක්ද ලබා දී තිබේ.