ගුවන් යානයක ටයරයක් උඩු ගුවනේදී ගැලවී කඩන් වැටෙයි..

ගුවන් යානයක ටයරයක් උඩු ගුවනේදී ගැලවී බිමට කඩන් වැටෙයි..

by Chathurika Jayasundara 11-03-2024 | 2:33 PM

අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර සිට ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත්ව ගිය බෝයිං-777 වර්ගයේ ගුවන් යානයක ටයරයක් හදිස්සියේ ගැලවී ගොස් බිමට කඩා වැටී තිබෙනවා.

මෙලෙස ටයරය ගැලවී ගොස් තිබෙන්නේ යානය ගුවන්ගත වී සුළු මොහොතකින්.  

අනතුරුව යානය ඉතා ඉක්මණින් යළි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ටයරය කඩා වැටී තිබෙන්නේ ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ රථ ගාලකටයි.

ඉන් එක් මෝටර් රථයකට බරපතළ හානි සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.