අමෙරිකාවේ TikTok තහනම් වෙයි ද?

අමෙරිකාවේ TikTok තහනම් වෙයි ද?

by Hashini De Mel 14-03-2024 | 12:20 PM

COLOMBO (News 1st) - එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලය අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි පනතක් සම්මත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව TikTok සමාගම සතු අමෙරිකාවේ ඇති වත්කම් මාස 6ක් තුළ ඉවත් කිරීමටත් එම කාලය තුළ එම වත්කම් ඉවත් නොකළහොත් TikTok යෙදවුම එක්සත් ජනපදයේ තහනම් කරනු ඇති.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත ද්විපාර්ශ්වික ඡන්දයකින් අතිමහත් ලෙස සම්මත වුව ද එය නීතියක් බවට පත්වීම සඳහා  එරට ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුයි.

2012 දී ආරම්භ කරන ලද TikTok චීන සමාගමක් වන ByteDance සතු වේ.

මෙම කෙටුම්පත සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට සමත් වුවහොත් ජනාධිපති ජෝ බයිඩන් එය වහාම අත්සන් කරන බවට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් TikTok ප්‍රධාන විධායක නිලධාරී සූ සී චෙව් පවසන්නේ, තම ආයතනය පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂාවට බැඳී සිටින බවයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් අමෙරිකාවේ ව්‍යපාර විශාල ප්‍රමාණයක් කඩා වැටීමේ අවදානමක් ඇති බව පවසයි.

ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වනු ඇති බවත් ඔහු පවසා තිබේ.