රුසියාවේ ප්‍රසංගයක් අතුරතුර වෙඩි තැබීමක්..

රුසියාවේ ප්‍රසංගයක් අතුරතුර වෙඩි තැබීමක්.. 40 දෙනෙකු මරුට...

by Staff writer 23-03-2024 | 6:28 AM

COLOMBO (News 1st) - රුසියාවේ ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 40දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම ප්‍රහාරය සිදුකර ඇත.

වෙඩිතැබීමත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත් වීමට උත්සාහ කළ සිවිල් වැසියන්ට ද එහිදී වෙඩි තබා තිබුණි.

ප්‍රසංග ශාලාවේ විශාල ගින්නක් ද හටගත් අතර එහි වහලයේ කොටසක් ද කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

පසුව ප්‍රසංග ශාලාවේ පහළම මහලේ සිටි 100 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර තිබුණි.

රුසියානු ආරක්ෂක හමුදා විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.