භූතානය පරාජය කළ ශ්‍රී ලංකාවට ගෝල 2-0ක සුපිරි ජයක්

භූතානය පරාජය කළ ශ්‍රී ලංකාවට ගෝල 2-0ක සුපිරි ජයක්..

by Staff writer 26-03-2024 | 9:17 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලියේ භූතානය සමග පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලිය අදියර කිහිපයකින් ක්‍රියාත්මකයි.

එහි එක් අදියරක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද හිමි වූ අතර ඊට අයත් සියලු තරග පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීය.

එම අදියරට මධ්‍යම අප්‍රිකාව, භූතානය සහ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී විය.

ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය පැවැත්වුණේ භූතානය සමගයි.

තරගයේ පළමු අර්ධයේදී දෙපිලෙන්ම ගෝල වාර්තා වුණේ නැත.

දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝල දෙකක් රැස් කළේ ය.

ඒ, පිළිවෙළින් තරගයේ 46 සහ 54 මිනිත්තුවලදීය. 

එම ගෝල රැස් කළේ, ඩිලන් ද සිල්වා සහ ඔලිවර් කෙලාර්ට්.

භූතානයට දෙවැනි අර්ධයේදී ද ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.

ඒ අනුව, තරගය අවසන් වුණේ ගෝල 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්හී 204වැනි ස්ථානයේ රැඳී සිටින අතර භූතානය එහි පසුවන්නේ 184වැනි ස්ථානයේයි.