මාර්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩයා කමිඳු

මාර්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩයා කමිඳු මෙන්ඩිස්

by Staff writer 08-04-2024 | 2:58 PM

COLOMBO (News 1st) - පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් තෝරා ගත් බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය. 

පසුගිය මාසයේදී ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අනුව ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, අයර්ලන්තයේ මාක් ඇඩෙයාර්, සහ නවසීලන්තයේ මැට් හෙන්රි නිර්දේශ වී සිටිය හ.

ඔවුන් අතරින් ලොව දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගැණුනේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ ඡන්ද විමසීමකින් අනතුරුවයි.

ඒ අනුව, බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පසුගිය වසරේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (08) ප්‍රකාශයට පත්  කළේ ය.

මෙම ත්‍යාගයෙන් පිදුම් ලැබූ තුන් වැනි ශ්‍රී ලාංකිකයා වන්නේ කමිඳු මෙන්ඩිස්.