අමෙරිකාවේ නෞකා අනතුරින් 6 දෙනෙකු මරුට..

අමෙරිකාවේ නෞකා අනතුරින් 6 දෙනෙකු මරුට..

by Staff writer 27-03-2024 | 6:30 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී සිදු වූ අනතුරින් 6 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ, එම පිරිස අතුරුදන් වී ඇති කාලය සහ එම ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය අනුව බලධාරීන් එම නිගමනයට පැමිණි බවයි.

එලෙස ජලයට වැටී ඇත්තේ, පාලම මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් 6 දෙනෙකි.

වෙරළාරක්ෂක බලකාය මේ වන විට සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම අත්හිටුවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‍නෞකාවේ විදුලි බලය අක්‍රීය වීමත් සමග තත්පර 30කින් පමණ එහි පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී යාම අනතුරට හේතුව බව අනාවරණ වී ඇත.

සිංගප්පූරුවේ ධජය සහිත දිගින් මීටර් 300ක් වන අදාල බහාලුම් නෞකාව ඊයේ (26) අනතුරට පත්වුණේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදීය.

පාලම කඩා වැටීමෙන් පසු අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.