රාජ්‍ය පරිපාලන සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

අතිප්‍රමාණික ලාභ ලබන වෙළෙඳුන්ගෙන් නිසි ලෙස බදු අයකරන්න - රාජ්‍ය පරිපාලන සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්

by Staff writer 29-03-2024 | 6:55 AM

COLOMBO (News 1st) - අතිප්‍රමාණිකව ලාභ ලබන වෙළෙඳ ප්‍රජාවගෙන් නිස ලෙස බදු අය කර ගිලිහී යන ආදායම රැක ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පවසන්නේ, පාරිභෝගිකයින්ගේ හා රාජ්‍ය සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට අවශ්‍ය වතාවරණය වහා සකස් කරන ලෙසයි.

රාජ්‍ය නිලධාරින්ගේ සාධාරණ වැටුප් හා දීමනා වැඩිකිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එම ලිපියෙන් සිහිපත් කළ බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ ය.