දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් 45 ක් මරුට..

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙකු මරුට.. 8 හැවිරිදි දරුවෙකු පමණක් දිවිබේරා ගනී..

by Staff writer 29-03-2024 | 7:12 AM

COLOMBO (News 1st) -  දකුණු අප්‍රිකාවේ පාලමකින් බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ. 

එලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයකි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව පාලමෙන් ඉවතට පැන මිටියාවතකට පෙරළී ගොස් එය ගිනිගෙන ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 46 දෙනෙකු බස් රථයේ සිට ඇති අතර ඉන් දිවිබේරා ගෙන ඇත්තේ අට හැවිරිදි දරුවෙකු පමණක් වන අතර ඔහුද බරපතල තුවාල සහිතව රෝහල්ගත කර  තිබේ. 

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිළිස්සී ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

අනතුර පිළිබඳව දකුණු අප්‍රිකානු රජය විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.