ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්..

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 531ක් ලබාගත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්..

by Staff writer 01-04-2024 | 7:43 AM

COLOMBO (News 1st) - සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (01)තුන්වැනි දිනටත් චොටොග්‍රාම්හිදී පැවැත්වෙයි. 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 531කි.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ කිසිඳු පිතිකරුවකු ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය සදහා තරගය නතර කරන විට පන්දුවාර 15ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියේ ය.

සකීර් හසන් සහ තයිජුල් ඉස්ලාම් නොදැවී කඩුල්ලේ රැදී සිටී.