ද.අප්‍රිකාව පැරදු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගනී

by Staff writer 04-04-2024 | 7:34 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.

දකුණු අප්‍රිකාවේ බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළේ ය.

ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දුවක් තුළ කඩුලු 6ක් දැවී සිටියදීයි.

නායක චමරි අතපත්තු ලකුණු 73ක් රැස් කළා ය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 54ක් රැස් කර තිබේ.

ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත.