.webp)
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනි කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවක් තුළ සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 77කි.
ලකුණු 78ක ඉලක්කයක් හඹා ගිය උගන්ඩාව පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදි තරගය ජය ගත්තේය.
ඒ අනුව, උගන්ඩා කණ්ඩායමක් 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී ජයගත් පළමු තරගය මෙයයි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග එම්.ටී.වී මාධ්‍ය ජාලයේ ටී.වී වන් නාලිකාව ඔස්සේ සහ www.sirasa tv.lk වෙබ් අඩවිය ඔස්සේත්, ශ්‍රී ලංකාව සහභාගී වන සියලු තරග සිරස ටී.වී. නාලිකාව ඔස්සේත් ඔබට නැරඹිය හැකියි.