IMF තුන්වන වාරිකය ගැන සාකච්ඡා හෙට..

IMF තුන්වන වාරිකය ගැන සාකච්ඡා හෙට..

by Staff writer 11-06-2024 | 5:55 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තුන්වන වාරිකය ලබාදීම සඳහා වන සාකච්ඡා හෙට (12) දින ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ තුන්වැනි ණය වාරිකය ලබාදීම පිළිබඳ අනුමැතිය ලබා දෙනු ඇති.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථිකයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමුවනු ඇති බවයි.

තුන්වැනි වාරිකය සඳහා සාර්ථක සමාලෝචනයක් වෙනුවෙන් සියලු රටවල සහය අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල ඩොලර් මිලියන 330කි.