මධුසමය ගත කිරීමට ලොව හොඳම ගමනාන්ත..

මධුසමය ගත කිරීමට ලොව හොඳම ගමනාන්ත 5 අතරට ශ්‍රී ලංකාවත්...

by Staff writer 12-06-2024 | 8:50 PM

COLOMBO (News 1st) - මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරින් පස්වැනි තැනට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.

ඒ Enjoy Travel නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය සිදුකළ වර්ගකිරීමකට අනුවයි.

මෙම වාර්තාවෙන්  ඔවුන් මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත  20 ක් ශ්‍රේණිගත කර තිබේ.

මීදුම් වැසුනු කඳු පන්ති, අලංකාර  තේ වතු, සුන්දර  වෙරළ තීරයන්, ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තර, ඓතිහාසික වටිනාකමකින් යුතු නගර සහ තවත් බොහෝ සුන්දර අත්දැකීම් ලබා ගැනීමට ලැබෙන අවස්තා හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ස්ථානයේ තැබීමට හේතු වී ඇත.

වෙනත් රටවලට  සාපේක්ෂව පහසු මිලකට ඉතා ප්‍රණීත ආහාර රස විදිමට හැකි වීම සහ වනෝද්‍යාන හරහා වනජීවින් දැක බලා ගැනීම වැනි සජීවී අත්දැකීම් ලැබීමට හැකි වීමත් විශේෂත්වයන් ලෙස දක්වා තිබෙනවා.

Enjoy Travelවෙබ් අඩවි වාර්තාවට අනුව, තායිලන්තයේ කෝ චෑන්ග් , චිලී දේශයේ පටගෝනියා දූපත් , ඉන්දියාවේ රාජස්ථානය  සහ සන්සිබා රාජ්‍ය පිළිවෙළින් මේ ලැස්තුවේ පළමු ස්ථාන 4 හිමිකරගෙන සිටී.

Enjoy Travelවෙබ් අඩවිය යනු සංචාරකයන් වෙනුවෙන් විශේෂිත එංගලන්තය මූලික කරගෙන ක්‍රියාත්මක වන්නා වූ වෙබ් අඩවියකි.