රට භාර ගත්තේ ඇයි..? ජනපතිගෙන් මඩකලපුවේදී පිළිතුරක්

රට භාර ගත්තේ ඇයි..? ජනපතිගෙන් මඩකලපුවේදී පිළිතුරක්..

by Staff writer 23-06-2024 | 6:06 PM

COLOMBO (nEWS 1ST) - තමන් රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් ගොවි ජනතාවගේ ජීවිත නව පරිවර්තනයකට ලක් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ අදහස් පල කළේ, දියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ය. 

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් මෙම රටකජු සැකසුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ. 

රටකජු සැකසුම් මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයටද ලක් වූ අතර , කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණ.