මක්කම වන්දනාවට ගොස් මිය ගිය සංඛ්‍යාව 1,301 කි

මක්කම වන්දනාවේ ගොස් මිය ගිය පුද්ගලයින් ගණන 1,301 දක්වා ඉහළට..

by Staff writer 24-06-2024 | 9:42 AM

COLOMBO ( News 1st ) - සෞදි අරාබියේ, මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1,301 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බවය.

ඉකුත් දින කිහිපයේ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මක්කම වන්දනාවට පැමිණ සිටියේ හජ් උත්සවය වෙනුවෙනි.

මියගිය පිරිසෙන් හතරෙන් තුනකට වැඩි සංඛ්‍යාවක් අවසරයකින් තොරව පැමිණ ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.