ඊශ්‍රායලය ගාසා තීරයේ පාසලකට ප්‍රහාර එල්ල කරයි...

ඊශ්‍රායලය ගාසා තීරයේ පාසලකට ප්‍රහාර එල්ල කරයි...

by Chathurika Jayasundara 07-07-2024 | 8:25 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 16 දෙනකු මියගොස් ඇති බවයි.

අවතැන් කඳවුරක් ද සමග පිහිටුවා ඇති එහි රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7000 ක් පමණ වේ.

සරණාගත කඳවුරක පිහිටි පාසලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ හතරවන අවස්ථාව මෙයයි.

ඊට අමතරව නුසෙරාට් සරණාගත කඳවුර ආසන්නයට එල්ල වූ තවත් ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමි විය.

ඊශ්‍රායල - හමාස් ගැටුම් ආරම්භ වී අදට මාස 09 ක්.