ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව අද ජනපතිට

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාව අද ජනපතිට

by Staff writer 17-07-2024 | 7:11 AM

COLOMBO (News 1st) - මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතයි. 

කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේ, වාර්තාව පිටු 130කට අධික සංඛ්‍යාවකින් සමන්විත බවය. 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දා පත් කළ එහි නිල කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් විය. 

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 19 කි. 

කොමිසම විසින් ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබා ගැනීම සිදු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව එහි අවසන් වාර්තාව සකස් කර ඇත.