ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

by Staff writer 26-07-2024 | 8:16 AM

COLOMBO (News 1st) -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) රැස් වෙයි.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

අද පෙරවරු 10.00 ට ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර, හිස්ව පවතින පොලිස්පති ධුරයට මෙතෙක් සුදුස්සෙකු නම් කර නැහැ.

ඒ සඳහා ජනාධිපතිවරයා කරනු ලබන නාම යෝජනාවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ , තම අධීක්ෂණය යටතේ මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කටයුතු මෙහෙයවන බවයි.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහය ලැබෙන බවද ඔහු කියා සිටියේ ය.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පිළිබඳ රජයේ පාර්ශවයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරිමටද නියමිතව තිබේ.