මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් !

නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 10-08-2024 | 6:03 AM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාව, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ, එම දැන්වීම සහිත සබැඳිය විවෘත කිරීමෙන් වළකින ලෙසයි.

එය සයිබර් වංචාවක් විය හැකි බවත් ඒ හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් අතට පත්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.