රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින්ට ඇරයුම්...

ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට

by Staff writer 13-09-2024 | 6:46 AM

COLOMBO (News 1st) - රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, කොමිසමේ ඇරයුම මත ඔවුන් මෙරටට පැමිණෙන බවයි.

ලබන 18 වැනි දා සිට ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වනු ඇති.

එම නිරීක්ෂණ කණ්ඩායමට සාක් කලාපීය රටවල නියෝජිතයින් හා රුසියානු නිරීක්ෂකයින් ද ඇතුළත් වේ.

ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට ද නියමිතයි.

මේ අතර යුරෝපා සංගමයේ  හා පොදු රාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයින් ද මේ වනවිට මෙරටට පැමිණ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.