ජනපතිවරණය වෙනුවෙන් ආපදා මෙහෙයුම් ඒකකයක්

ජනාධිපතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්..

by Staff writer 21-09-2024 | 6:31 AM

COLOMBO ( News 1st ) - ආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ක්‍රියාත්මක බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ, මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ය.

ඒ අනුව , ජනාධිපතිවරණය ආරම්භයේ සිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වන තෙක් යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ඒ පිළිබඳ අදාළ ඒකකයට දැනුම් දීමට හැකියාව ඇත.

ඒ අනුව , 117 දුරකතන අංකය අමතා අදාළ තොරතුරු ලබාදිය හැකි වේ.

ඊට අමතරව,

0113 66 80 32  
0113 66 80 87 
0113 66 80 25

0113 66 80 26 සහ 0113 66 81 19 යන දුරකතන අංක ඔස්සේ ආපදා මෙහෙයුම් ඒකකයට තොරතුරු ලබාදිය හැකිය.