ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්...

විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් වාහන නැවත එම ආයතනවලට භාර දෙයි...

by Staff writer 01-10-2024 | 8:08 PM

COLOMBO (News 1st) - පසුගිය සමයේ  රජයේ විවිධ ආයතනවලින් ජනාධිපති කාර්යාලය වෙත රැගෙන ආ වාහන යළි එම ආයතනවලට ලබා දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එලෙස රැගෙන ආ වාහන 19ක් අද දිනයේ නිදහස් කළ බවයි.

සිදුකළ පූර්ව දැනුම් දීමකට අනුව ඉන් වාහන 15ක් අදාළ ආයතන නිලධාරීන් පැමිණි  රැගෙන ගිය බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 8ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 3ක්  දකුණු පළාත් සභාවෙන් , ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 1 බැගින් වාහන 15ක් මෙලෙස යළි එම ආයතන වෙත ලබා දී ඇති බවයි.