පොලිසිය හා මැතිවරණකොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක්

පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද..

by Staff writer 02-10-2024 | 7:13 AM

COLOMBO ( News 1st ) -පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (02)පැවැත්වෙයි.

ඒ, ඉදිරි මහ මැතිවරවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ය.

ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා ආරක්ෂාව සැලසීම ඇතුළු මහ මැතිවරණයේ සමස්ත ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙනු ඇති.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට පැමිණීමට නියමිත ය.

මේ අතර, ජාතික මැතිවරණ කොමිසමද අද(02) රැස්වීමට නියමිතයි.