සති දෙකකින් ගාසා තීරයට ආහාර නැහැ..

සති දෙකකින් ගාසා තීරයට ආහාර ලැබී නැහැ - එක්සත් ජාතීන්ගෙන් අනාවරණයක්...

by Hashini De Mel 14-10-2024 | 4:44 PM

COLOMBO ( News 1st ) - සති දෙකකින් පමණ ගාසා තීරයට ආහාර ලැබී නොමැති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ, ඊශ්‍රායල ප්‍රහාර තීව්‍ර වීම හේතුවෙන් ය.

ඒ අනුව ආහාර, ජලය ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළුවීම සඳහා ඉඩ සලසා දෙන්නැයි අමෙරිකානු උප ජනපති කමලා හැරිස් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊශ්‍රායලය, ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කළ යුතු බව ඇය පවසයි.

මේ වනවිට ගාසා තීරයේ ළමුන් විශාල පිරිසක්, විවිධ රෝගාබාධ වලට ගොඳුරු වී සිටී.