ඉන්දීය විදේශ ඇමති පකිස්ථානයට..

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂන්කර් පකිස්ථානයට...

by Hashini De Mel 16-10-2024 | 11:18 AM

COLOMBO ( News 1st ) - ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස් ජයිෂන්කර්, පකිස්ථානයට ගොස් ඇත.

ඒ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙනි.

ඉන්දීය අමාත්‍යවරයෙකු පකිස්ථානයට පැමිණියේ වසර 9කට පසුවීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, තමන් සමුළුවට සහභාගී වීම සඳහා පමණක් පකිස්ථානයට යන බවත්, එහිදී කිසිදු ද්වි පාර්ශවික සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත් පකිස්ථානය බලා පිටත්වීමට පෙර ඉන්දියාවේ නව දිල්ලි හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සදහන් කළේය.

සාමාජික රටවල් අතර සහයෝගීතාවය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2001 වසරේදී ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිට වූ බව විදෙස් වාර්තාවල සඳහන් කළේ ය.

චීනය, රුසියාව, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල් 10 ඊට ඇතුළත් වේ.

ඊට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16ක් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හවුල්කරුවන් ලෙස එක්ව  සිටී.