ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ප්‍රහාර...

ඊශ්‍රායලය, ලෙබනනය සහ ගාසා තීරය ඉලක්ක කරගනිමින් අඛණ්ඩ ප්‍රහාර

by Staff writer 14-10-2024 | 11:13 PM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායලය, ලෙබනනය සහ ගාසා තීරය ඉලක්ක කරගනිමින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් පවතී.

උතුරු ලෙබනනයේ ස'ගාටා ප්‍රාන්තයට අද(14) එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

ලෙබනනයේ රතු කුරුස සංවිධානය සදහන් කළේ, තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ අතර ඊයේ(13) දිනය තුල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෙබනනය පුරා පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 174 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා වල සදහන් වේ.

ඒ අනුව පසුගිය මාසයක කාලය තුල ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන වැසියන් සංඛ්‍යාව 1600 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර, ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේ හිස්බුල්ලා සංවිධානය සිය කඳවුරක් ඉලක්ක කරගනිමින් එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් හතර දෙනෙකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි.