ආර්ථික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට

ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ තුර්කි විද්‍යාඥයින් තුන්දෙනෙකුට...

by Chathurika Jayasundara 14-10-2024 | 10:52 PM

ආර්ථික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට - 2024 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තුර්කි, අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය මහාචාර්යවරුන් තුන්දෙනෙකු විසින් දිනාගෙන තිබේ.

ඒ ඩැරන් ඈසමෝග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් විසින්.

නොබෙල් ත්‍යාගය ඔවුන්ට පිරිනමා ඇත්තේ, ජාතීන් අතර අසමානතාවයන් සම්බන්ධයෙන් ඔවුන් සිදුකල පර්යේෂණයක් වෙනුවෙන්.

විද්‍යාත්මක ලෝකයේ වඩාත්ම කීර්තිමත්ම ත්‍යාගය ලෙස සලකනු ලබන මෙම ත්‍යාගය පිරිනමනු ලබන්නේ රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය විසින්.

අද(14) පිරිනැමුණේ මේ වසරට අදාල අවසන් නොබෙල් ත්‍යාගයයි.