වප් පුන් පොහෝ දිනය අදයි...

වප් පුන් පොහෝ දිනය අදයි...

by Staff writer 17-10-2024 | 8:10 AM

COLOMBO (News 1st) - වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ ද අද වැනි පුර පසලොස්වක පොහෝ දිනකදීයි.