ඉන්දියාවේ වෙඩි තැබීමකින් 06ක් මරුට...

ඉන්දියාවේ වෙඩි තැබීමකින් 06ක් මරුට...

by Chathurika Jayasundara 21-10-2024 | 5:01 PM

COLOMBO (News1st) - ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේදී සන්නද්ධ කණ්ඩායම් කළ වෙඩි තැබි‍මකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ති‌බේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛද්‍යවරයකු හා කම්කරුවන් පස් දෙනෙකු ඒ අතර බවයි.

ජම්බු කාශ්මීර් හි ගුන්ද් ප්‍රදේශයේ උමං මාර්ගයක ඉදි කිරීම් කරන සේවකයින් නවාතැන් ගෙන සිටි ස්ථානයක වෙඩි තැබීම සිදුව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කරන බවයි.