.webp)
උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මෙම මසුන් වෙරළට ගොඩ ගසා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලානන්තන් මහතා පැවසීය.
මෝසම් කාල වෙනස් වීමත් සමග ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩු වී තිබේ.
මඩකලපුව, කලුවංචිගුඩි, කළුතාවෙල, තේටතිව්, කුරුක්ලමඩම්, ඔන්ටාචිමඩම් ඇතුළු ප්‍රදේශවලට මසුන් ගොඩ ගසා ඇති බව සදහන් වේ.
පොතුබරි හෙවත් මුහුදු කුකුළා නැමති මාලු විශේෂය මෙලෙස ගොඩ ගසා ඇත.
සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝම්ර් මාසය තුළ මෙම සිදුවීම වාර්තා වේ.
ජල මට්ටමේ සිට 10m ක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙම බලපෑම් එල්ල වී ඇති බව සඳහන් විය.