කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ(12) වාර්තාගත ලෙස ඉහළ යයි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,000 සීමාව පසු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට...

by Staff writer 13-12-2024 | 9:27 AM

COLOMBO (News1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ(12) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

ඊයේ(12) ගනුදෙනු නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,000 සීමාව පසුකර ගියේය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට දර්ශකය ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර එය ඊයේ ඒකක 
14,035 දශම 8යි1ක් ලෙස දැක්විය.

ඊයේ දිනය තුළදි පමණක් දර්ශක අගය ඒකක 150යි දශම 7යි 2 කින් ඉහළ යමින් 1.09% වර්ධනයක් වාර්තා කළේය.

වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිමකිරීමේ අපේක්ෂාවන් සමග  බැංකුවල කොටස් සඳහා ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වාහන ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව වන සාකච්ජා හේතුවෙන් මෝටර් රථ කර්මාන්තයට අදාල සමාගම්වල කොටස් සම්බන්ධයෙන් ද උනන්දුව ඉහළ ගොස් ඇති බව දැක්වේ.

මේ අතර සංචාරක ක්ෂත්‍රයේ හා  ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් ද ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ ගොස් ඇති බව විශ්ලේෂයින් පෙන්වා දෙන්නේය.