.webp)
COLOMBO ( News 1st ) - නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.
ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්.
එම මණ්ඩලය සඳහන් කළේ WATER BORD.LK වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත් ලබා ගත හැකි බවයි.
ඉල්ලීම කර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බව මණ්ඩලය සඳහන් කළේ ය.
ඊට අදාළ නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකයි.
එම ඉල්ලිම් කිරිමෙන් අනතුරුව සති 2ට අඩු කාලයකදි නව ජල සැපයුම් සම්බන්ධතා ලබා ගැනිමට හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ ය.
ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ඇත.