ඒ , එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී යි.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වාදී තිබේ.
මේ අතර මේ වසර අවසන් වන තෙක් අස්වැසුම ප්‍රතිලාභින් වෙත ලබා දීමට නියමිත ප්රතිලාභ සඳහා ද කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා ලබා දෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17 500 දක්වාත් රුපියල් 8,500ක් ලබා දෙන පවුල් සඳහා රුපියල් 10,000 ලබා දීමටත් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ.
රුපියල් 2,500 ලබා දෙන පවුල් පවුල් සදහා රුපියල් 5,000 ක් ලබා දීමට නියමිත අතර අස්වැසුම ප්රතිලාභ යටතේ රුපියල් 5,000 ලබා දෙන පවුල්වලට එම මුදල නෙවෙනස්ව හිමිවනු ඇති.