වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට...

වායු ගුණාත්මකභාවය අඩු වෙන්නේ ඉන්දියාවේ සිට හමායන සුළං ප්‍රවාහයක් නිසාද?

by Hashini De Mel 29-01-2025 | 2:40 PM

COLOMBO ( News 1st ) -දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය තවදුරටත් පහළ මට්ටමක පවතී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, ඉන්දියාවේ සිට හමා එන සුළං ප්‍රවාහය ඊට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පවතින තත්වය හමුවේ විමසිලිමත් විය යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.