![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
රාත්‍රී 7 ට පෙරහැර වීථි සංචාරය ආරම්භ කෙරිණි.
පෙරහැර ආරම්භ කිරීමට පෙර පැමිණි සිටි පිරිස පංච ශීලයේ පිහිටවූයේ, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන්.
මංගල හස්ථීරාජයා මත කරඬුව තැන්පත් කිරීම සිදුකෙරුණේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතින්.
මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරටයි.
ඒ,ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි.
මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් මෙම පෙරහැර නැරඹීමට එක් වේ.
මේ අතර ගංගාරාම නවම් මහා පෙරහැර වෙනුවෙන් අද සහ හෙට ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ රාමනායක මාවත, හුණුපිටිව වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්කි වීදිය හන්දිය, යුනියන් පෙදෙසෙහි කොල්වින් ආර් ද සිල්වා මාවත, හයිඩ් පාර්ක් කෝනර් හන්දිය පෙරහැර පැවැත්වෙන කාල සීමාවේ තාවකාලිකව වසා තැබෙන බවයි.
පෙරහැර හෙට දිනයේත් වීථි සංචාරය කිරීමට නියමිතයි.