![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
'අනාගත ආණ්ඩු හැඩගැස්වීම' යන තේමාව යටතේ ලෝක රාජ්‍ය සමුළුව පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා හෙට (12) එම සමුළුව ඇමතීමට නියමිතයි.
අද පෙරවරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී, ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිම් මහතා ජනාධිපතිවරයා හමුවිය.
දෙරට අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
අල් කාසිම් මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණායි.
අද දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් හමුවීම් රැසකට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ මහතා , බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ටෝනි බ්ලෙයාර් මහතා, පකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
කුවේට් අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාද ජනාධිපතිවරයා හමුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.