සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී සංවිධානය කරන ක්‍රීඩා ඉසව් වල අනතුරුවලින් වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

by Staff writer 30-03-2025 | 10:25 PM

COLOMBO (News 1st) – 2025 සිංහල හා දෙමල අලුත් අවුරුදු ක්‍රීඩා ඉසව්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පැවසුවේ, තරගකරුවන්ට විය හැකි විවිධ අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් වැළැක්වීම අරමුණුකොට මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බවයි.

සෑම ක්‍රීඩා උත්සවයකදීම අවධානයට ලක්කළ යුතු කරුණු මෙන්ම, මැරතන්, සයිකල් සවාරි ඇතුළු සුවිශේෂී ක්‍රීඩා ඉසව් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කරුනු එහි ඇතුළත් ය.

ක්‍රීඩාවේ ඇති තරගකාරිත්වය, ආකර්ශනීය බව වැඩිකරමින්, ආරක්ෂා සහිතව ඒ ඒ ක්‍රීඩාවන් හි යෙදීම සඳහා සියල්ලන් දිරිගැන්වීම මේ මාර්ගෝපදේශය හරහා අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

 

මාර්ගෝපදේශ මාලාව